Social Icons

Pages

Saturday, August 25, 2012

ලග්න පලාඵල විස්තර


ලග්න පලාඵල විස්තර

මේෂ ලග්නය
          මෙම ලග්නයෙන් උපන් පුද්ගලයන් කඩිසර හා නොපසුබස්නා වීර්යයෙන් යුතුය.කුමක් සිදුවුවද කම් නැත යන හැගීමෙන් යුතුව ක්‍රියා කරයි.උෂ්ණාධික ශරිර වලින් යුක්තය.එසේම හැඩිදැඩිය.ශරීරයේ තැනින් තැන ළප කැලැල් කිහිපයක් පවති.නිතරම කලබල ගතියෙන් යුතුව ක්‍රියා කරයි.කෙතරම් බාධක පැමිණියද තමා අරමුණු ඉටුකර ගැනීමට වෙහෙස වෙයි.එහෙත් බොහෝ අවස්ථාවල දුරදිග නොබලා කටයුතු කරයි.ඇතැම් දේ පිළිබදව දැඩි ආශාවන් ඇති කරගනියි.
සිය අදහස් නොසගවා පවසන මේෂ ලග්න හිමියන් කරන කියන සෑමදේම තම සිතට එකව ක්‍රියා කරයි.නිර්භීතය.එහෙත් ඔවුන් දුරදිග නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවමන් හා පාඩු සිදුකර ගනියි.


සන්නස්ගල සර් කතා කරයි

සන්නස්ගල සර් කතා කරයි

 උපුල් ශාන්ත සන්නස්ගල සර් ගැන ලියපු ලිපියක් හම්බුනා.ගොඩක් සංවේදි කතාවක්.කියවල බලන්නකො. post එක නම් ටිකක් දිගයි.

උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.

මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ මතකයමෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.

Friday, August 24, 2012

ෆෙංෂුඉ රහස්....


  ධනවත්වීමට ෆෙංෂුඉ

 ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ කොතැනක හරි කුඩා  මාරැකාසි මුට්ටියක් තබන්න.ඔබ ඡීවත්වන්නේ බෝඩිම් කාමරයක නම් කාමරයේ බස්නාහිර දිශාවේ මේ මාරැ කාසි මුට්ටිය තැබිය හැක.එවිට ඔබට වෙනදාට වඩා මුදල් ලැබෙන බව අත්දකීවි.

 කෑම කාමරයේ බිත්තියේ රවුම් හැඩති රාමුකළ කණ්ණාඩියක් එල්ලන්න.එම කණ්ණාඩියෙන් කෑම මේසය මත ඇති ආහාර පෙනිය යුතුය.මෙයින් ද ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය දෙගුණ කරවයි.

නිවසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙල

උතුරු දිශාව           -  වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
 නැගෙනහිර දිශාව  -  නාන කාමරය
 ගිණිකොණ දිශාව -  මුළුතැන්ගෙය
 දකුනු දිශාව           -  නිදන කාමර
 බටහිර දිශාව         - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
 ඊශාන දිශාව          -  ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
 වයඹ දිශාව            -  ධාන්‍ය ගබඩා කාමරය
 නිරිත දිශාව            -  වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව