ඉලෙක්ට්‍රොනික පාඩම - පළමු කොටස
ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට අලුතෙන් පිවිසෙන ආධුනිකයන්ට අත්වැලක් වන
පරිදි ඉතාමත් සරලව ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේ මූලික කරුණු පැහැදිලි කර දෙන්න මම මෙම
ලිපි පෙළෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මුලින්ම ඉලෙක්ට්‍රොනික පරිපථවල බහුලව
භාවිතා කරන උපාංග කිහිපයක් හඳුනා ගනිමුකො.
ප්‍රතිරෝධක (Resistor)


ධාරිත්‍රක (Capasitor)

ට්‍රාන්සිස්ටර් (Transistor)
ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව ආරම්භ වන්නේ ට්‍රාන්සිස්ටර්ය සොයා
ගැනීමත් සමඟය.මෙය ඉලෙක්ට්‍රොනික පරිපථවල විදුලි සංඥාවක් වර්ධනය කිරීමට සහ ඉලෙක්ට්‍රොනික
ස්විචයක් ලෙස බහුලව භාවිතා කරයි. PNP හා NPN ලෙස ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් පවති. මෙහි
Collector, Base, Emitter ලෙස අග්‍ර තුනක් ඇති අතර විදුලිය
සැපයීමේදී අග්‍ර සඳහා නිවැරදිව විදුලිය සැපයිය යුතුය. නැතහොත් ඉතා ඉක්මනින් එය
විනාශ වී යා හැක.
- Base හරහා ධාරාවක් සැපයූ විට එය Emitter හරහා ට්‍රාන්සිස්ටරයෙන් පිටට ධාරාව ගමන් කරයි.
- Collector වෙත ධාරාවක් ලැබුණ හොත් එය Emitter හරහා ට්‍රාන්සිස්ටරයෙන් පිටව යන්නේ Base වෙත ධාරාවක් ලැබුණහොත් පමණි.
- Base හරහා මිලි ඇම්පියර් (mA) ප්‍රමාණයක ධාරාවක් යවා Collector, Emitter මතින් ගමන් කරන ඇම්පියර් (A) ප්‍රමාණයක ධාරාවක් පාලනය කළ හැකිය.
- Emitter මඟින් ගමන් ගන්නා ධාරාව තීරණය වන්නේ Base හට යොදන Resistorය මතය.

No comments:
Post a Comment