Social Icons

Pages

Wednesday, April 24, 2013

Blog අඩවියක් නිර්මාණයට පෙර

Blog  අඩවියක් නිර්මාණයට පෙර


         බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමත් එය නඩත්තු කිරීමත් බොහොම පහසු දෙයක්. බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න ඔයාලට Web development, Graphics design වගේ දේවල් ගැන කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.  අන්තර්ජාල භාවිතය ගැන මූලික දැනුමක් තිබීම මීට හොදටම  ප්‍රමාණවත්.

           බ්ලොග් අඩවියක් පවත්වාගෙන යෑමට ඔයාලගෙන් කිසිම මුදලක් වැය වෙන්නෙ නැහැ. නොමිලේ බ්ලොග් අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන බොහොමයක් අන්තර්ජාලය තුළ
පවතිනවා. Blogger.com, wordpress.com, typepad.com, weeby.com, කියනනෙ ඒ වගේ නොමිලේ සේවා සපයන වෙබ් අඩවි කිහිපයක්. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ Google සමාගම විසින් ලබාදෙන blogger සේවාවයි.

බ්ලොග් අඩවියක් සෑදීමට පෙර ඔබ දැනගත යුතු කරුණු :-


  • බ්ලොග් අඩවියේ මාතෘකාව

     බ්ලොග් අඩවියේ ජනප්‍රියත්වයට එහි මාතෘකාව ද විශාල වශයෙන් බලපානවා. මාතෘකාව තෝරාගැනීමේදී ඔබට පහසුවෙන් කරුණු එක්රැස්කර ඇතුලත් කළහැකි මාතෘකාවක්වීම වඩා වැදගත්. අනෙකුත් බ්ලොග් අඩවි සමඟ තරඟ කළහැකි මාතෘකාවක් යොදා ගැනීමට ද කටයුතු කළ යුතුය.

  • බ්ලොගයේ අරමුණ

      බ්ලොග් අඩවියක් භාවිතා කර ඔබගේ දැනුම අදහස් හා සංකල්පනා ආදිය පවසන්න පුලුවන්. ඒ වගේම තමන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රසිද්ධ කිරීමටත් යොදා ගන්න පුලුවන්.

  • බ්ලොග් මාධ්‍ය

     ඔයාලට සිංහල භාෂාවෙන් ද බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න පුලුවන්. නමුත් ඒ සඳහා ඔයාලගෙ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරල තියෙන්න ඕන.

  • බ්ලොගයේ ඇතුළත් කරුණු

     ඔබ ඔබගේ බ්ලොග් අඩවියතුලට ඇතුලත් කරන තොරතුරු ඉතාමත් නිවරදි තොරතුරුවීම අනිවාර්යය. වෙනත් බ්ලොග් අඩවි ආදියෙන් කොපිකර කරුණු ඇතුළත් කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියේ ජනප්‍රියත්වය පහළ යෑමට හේතුවීමට ඉඩතිබේ.

  • බ්ලොග් අඩවියේ අලංකාරය

     ඔයාලගෙ බ්ලොග් අඩවියට ලිපි ඇතුළත් කිරීමේදි එම කරුණු ඡායාරූප ආදිය ද එක්කර රසවත්ව ඉදිරිපත් කිරිමෙන් බ්ලොග් අඩවිය වඩාත් ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒ වගේම අපි බ්ලොග් අඩවිය අලංකාර කිරීමට යොදා ගන්නා ඡායාරූප අකුරු වර්ණ හා අනෙකුත් දේ වලින් බ්ලොගය කියවන පාඨකයින්ට අපහසුවක් නොදැනෙන ලෙස සැකසීමට වගබලා ගත යුතුය. 


     හරි දැන් ඔයාල බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න අවශ්‍ය මූලික කරුණු දන්නවනේ. ඊළඟ ලිපියෙන් අපේම බ්ලොග් අඩවියක් නිර්මාණය කරන ආකාරය පැහැදිලිව කියල දෙන්නම්.  

2 comments:

  1. ගොඩාක් වටිනා ලිපියක් බ්ලොග් අඩවි හදන්න උනන්න්දු වෙන ayataඅයට. දිගටම මේ අඩවිය පවත්වාගෙන යන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තූති යාලුවා දිරිමත් කරවමින් අදහස් දැක්වීමට..

    ReplyDelete