Social Icons

Pages

Wednesday, March 27, 2013

කොරල් පර - දෙවන කොටස

කොරල් පර - දෙවන කොටස 


කොරල් පර පළමු කොටසින් කොරල් පර නිර්මාණයවන අයුරු, කොරල් ව්‍යාප්ත ප්‍රදේශ හා කොරල් විනාශ වන ආකාරය ගැන කතා කලානෙ. දැන් අපි බලමු කොරල් සම්පත විනාශ කිරීමෙන් අපිට ලැබෙන අහිතකර බලපෑම් මොනවද කියල.
  ජෙව විවිධත්ව හායනයක් සිදුවීම
          මනමාලයා, හඳපාන්නා, ගිනිමහ, ගොන් මහ, මුහුදු අශ්වයා, ඉස්සා, පොකිරිස්සා, කකුලුවා, මඩුවා, මොලුස්කා, තරුගල් ගුල්ලා, පුල්ලි ගුල්ලා, පොල් අත්තතා, දේදුනු පනාව වැනි මුහුදු ජීවින්ගේ වාසස්ථාන නැති වී යාම නිසා එම ජීවින් විනාශ වීම .
  වෙරළ ඛාදනය උග්‍රවීම
         කොරල් පර මඟින් මුහුදු රැල්ලෙහි සැර බාල කිරීම සිදුකරනව. විශේෂයෙන්ම ඊසාන දිග හා නිරිත දිග සුළං කාල වලදී වෙරළ ආරක්ෂා කිරීම සිදුකරන්නේ

කොරල් පර - පළමු කොටස

කොරල් පර - පළමු කොටස

          කොරල් පර වලට ගොඩ දෙනෙක් කැමතියිනෙ. ඉතින් මම හිතුව කොරල් පර ගැන  ලිපියක් සයිබර්  අවකාශයට එකතු කලොත් හොදයි කියල. හරි අපි දැන් ඉස්සෙල්ලම බලමුකො කොරල් පර නිර්මාණය වෙන්නෙ කොහොමද කියල.
ගල්මල් නැත්නම් කොරල් පර නිර්මාණය වෙන්නෙ බුහුපාවා හෙවත් පොලිප් නැමති සත්ව ප්ලවංග ආහාරයට ගන්නා මාංශ භක්ෂක ජීවියාගේ  හා සුසැන්තලේ නැමැති  අන්වීක්ෂීය ශාක විශේෂයේ සහජිවයෙන්. පොලිප් ජිවියා ජීවත් වන්නේ නිවර්තන කලාපයේ නොගැඹුරු වෙරළාසන්න  ප්‍රදේශවල.  මෙ ජීවියාගේ  පැවැත්ම තහවුරු වෙන්න පාරිසරික සාධක කීපයක් ම බලපානව.