කොරල් පර - දෙවන කොටස
.jpg)
ජෙව විවිධත්ව
හායනයක් සිදුවීම
මනමාලයා, හඳපාන්නා, ගිනිමහ, ගොන්
මහ, මුහුදු අශ්වයා, ඉස්සා,
පොකිරිස්සා, කකුලුවා, මඩුවා, මොලුස්කා, තරුගල්
ගුල්ලා, පුල්ලි ගුල්ලා, පොල්
අත්තතා, දේදුනු පනාව වැනි මුහුදු ජීවින්ගේ වාසස්ථාන නැති
වී යාම නිසා එම ජීවින් විනාශ වීම .
වෙරළ ඛාදනය උග්‍රවීම
කොරල් පර මඟින් මුහුදු
රැල්ලෙහි සැර බාල කිරීම සිදුකරනව. විශේෂයෙන්ම ඊසාන දිග හා
නිරිත දිග සුළං කාල වලදී වෙරළ ආරක්ෂා කිරීම සිදුකරන්නේ
කොරල්පර මඟින්. ඒ වගේම මිය ගිය පර හා බෙල්ලන් වැනි දෑ වෙරළට ගැසීම නිසා වෙරළ පෝෂණය වීමද සිදුවෙනව.
කොරල්පර මඟින්. ඒ වගේම මිය ගිය පර හා බෙල්ලන් වැනි දෑ වෙරළට ගැසීම නිසා වෙරළ පෝෂණය වීමද සිදුවෙනව.
සංචාරක ව්‍යාපාරය
අඩපනවීම
ශ්‍රි ලංකාවේ කොරල්
පර ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධයි. එම නිසා ලංකාවෙ කොරල් පර
බැලීමට සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනව. ඉතින්
කොරල් පර සම්පත විනාශ වුනාම සංචාරක
කර්මාන්තයත් අඩපන වෙනව කියන එක අමුතුවෙන් කියන්න ඕන නැනෙ. එත් සමඟම ඒ ආශ්‍රිතව කරගෙන ආපු
අනිත් ව්‍යාපාරයනුත් අඩපන වෙනව.
ධීවර කර්මාන්තය අඩපන වීම
කොරල් පර මසුන්ට
වාසස්ථාන හා ආරක්ෂාව සපයන ස්ථානයන්. මසුන් බොහෝවිට තම ප්‍රජනන කටයුතු සිදුකරන්නෙ මෙම කොරල් පර අසල.
එම නිසා ධීවරයින්ට මෙම කොරල් පර අසල ගැවසෙන මසුන් අල්ලා ගැනීමට
පුලුවන්. ( ඉස්සා, හාල් මැස්සා,
පරා, කකුලුවා, මඩුවා)
මීට අමතරව පසෙහි
ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනිකයක් ලෙසද කොරල් පර යොදා ගන්නව. තව ලියුකේමියා හා පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගන්නත් කොරල් පර යොදා ගන්නව.
කොරල් පර සංරක්ෂණයට ලෝකයේ ගෙන ඇති ක්‍රියාමාර්ග
- ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් 1979 සී වන සංරක්ෂණ දෙපාර්ලිමේන්තුව යටතේ ඇති කරල තියෙනව.

- ලෝකයේ ඇතැම් රටවල් කොරල් සම්පත වැඩි කර ගැනීම සඳහා කෘතීම ලෙස කොරල් නිර්මාණය කරනු ලබනව.
- ඇතැම් රටවල් පැරණි නැව් මුහුදේ ගිල්වා කොරල් නිර්මාණය වීමට සලස්වනව.

No comments:
Post a Comment