Social Icons

Pages

Wednesday, March 27, 2013

කොරල් පර - පළමු කොටස

කොරල් පර - පළමු කොටස

          කොරල් පර වලට ගොඩ දෙනෙක් කැමතියිනෙ. ඉතින් මම හිතුව කොරල් පර ගැන  ලිපියක් සයිබර්  අවකාශයට එකතු කලොත් හොදයි කියල. හරි අපි දැන් ඉස්සෙල්ලම බලමුකො කොරල් පර නිර්මාණය වෙන්නෙ කොහොමද කියල.
ගල්මල් නැත්නම් කොරල් පර නිර්මාණය වෙන්නෙ බුහුපාවා හෙවත් පොලිප් නැමති සත්ව ප්ලවංග ආහාරයට ගන්නා මාංශ භක්ෂක ජීවියාගේ  හා සුසැන්තලේ නැමැති  අන්වීක්ෂීය ශාක විශේෂයේ සහජිවයෙන්. පොලිප් ජිවියා ජීවත් වන්නේ නිවර්තන කලාපයේ නොගැඹුරු වෙරළාසන්න  ප්‍රදේශවල.  මෙ ජීවියාගේ  පැවැත්ම තහවුරු වෙන්න පාරිසරික සාධක කීපයක් ම බලපානව.
  • සාගරජලයේඋෂ්ණත්වයසෙ.. 20 – 30 ත්අතරඅගයකපැවතීම.
  • ජලයේලවණතාවස්ථාවරත්වයකපැවතීම.
  • ජලයඉතාපිරිසිදුවතිබීම.
  • සාගරපතුලටහිරුඑළියපතිතවීම.
  • සාගරපතුලගල්පරසහිතස්ථාවරතත්ත්වයකපැවතීම.
          මෙ සාධක සහිත පරිසරයක ජීවත්වන පොලිප් ජීවියා (අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන ජීවියෙකි) ගල්පරයක ඇලි වාසය කරමින් සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝෂණය ගනිමින් තම ශරීරයට පිටතින් කවච හෙවත් සැකිළි තනා ගන්නවා. සැකිලිවල ස්වරූපය අනුව මුව අං හැඩති ගල්මල්, ගෝවා කොළය හැඩති ගල්මල්, ඇඟිලි හිරිගල්, ටියුබ් හිරිගල්, පන්ගස් හැඩති හිරිගල්, රෝස හිරිගල් ආදී නම් වලින් හඳුන්වනවා. මෙ සැකිලි මත සුසැන්තලේ ශාකය වර්ධනය වෙනව. කොරල් පර වලට විවිධ වර්ණ ලැබිල තියෙන්නෙ මෙ ශාකය හින්ද.

         කොරල් ජීවිය මිය ගියාට උන්ගෙ සැකිලි ඉතිරි වෙනව. සැකිලි මත උන්ගෙ පැටවුන් පදිංචි වෙමින් සැකිලි තනා ගන්නව. අන්න විදියට නිර්මාණය වුන කොරල් ජීවින්ගෙ ජනපදයක් නැත්තම් කොළනියක් අපි කොරල් පරයක් කියල හඳුන්වනව.
කොරල් පර නිර්මාණයවන හැඩය අනුව අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුලුවන්
  • ගැටි පරය
         මෙය වෙරළට ආසන්නයේ පිහිටන කොරල් පරයක්. වෙරළත් පරයත් අතර නොගැඹුරු මුහුදක් පවතිනව. හික්කඩුව කොරල් උයන මේකට  හොදම උදාහරණයක් 
  • බාධක පරය
          බාධක පරය ගැටි පරයට ගොඩක් සමානයි. එත් පරයත් වෙරළත් අතර ගැඹුරු මුහුදක් පවතිනව. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ  මහා බාධක පරය හඳුන්වන්න පුලුවන්.   
  •  අතොල පර  
          අතොල පර කියල හඳුන්වන්නෙ වෘත්තාකාර ස්වරූපයෙන් නිර්මාණය වෙල තියෙන කොරල් පර සමූහයකට. මාල දිවයින මීට කදිම නිදසුනක්
  
 ශ්‍රි ලංකාවෙ කොරල් පර බහුල  :-
  • අම්බලන්ගොඩ හික්කඩුව වෙරළ තීරය
  • ගාල්ල, මාතර, වෙරළ තීරය
  • තංගල්ල රැකව වෙරළ තීරය
  •  මහා රාවනා සහ කුඩා රාවණා  ප්‍රදේශය  
  •  මඩකලපුව - පාසිකුඩා - කල්කුඩා වෙරළ තීරය
  •  ත්‍රිකුණාමලය - නිලාවැලි වෙරළ තීරය
  •  පේදුරු තුඩුව කන්කසන්තුරේ වෙරළ තීරය
  •  මන්නාරම  ප්‍රදේශය
  •  කල්පිටිය වෙරළ තීරය
                දැන් ඉතින් බලමුකො කොරල් සම්පත විනාශ වෙන්නෙ කොහොමද කියලත්. ස්වභාවික උවදුරු වලිනුත් කොරල් සම්පත විනාශ වෙනව. ඒත් වැඩියෙන්ම මේකට බලපාන්නෙ මිනිස් ක්‍රියාකරකම් විශේෂයෙන්ම පත්ල සූරගෙන යා හැකි දැල් වලින් මසුන් ඇල්ලීම, ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම, හුණු ලබාගැනීමට  කොරල් කැනීම, සිහිවටන ලෙස තබා ගැනීමට කොරල් කැනීම,   යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතයේදී වගේම වනාන්තර එළිපෙහෙලි කිරීමත් කොරල් පර විනාශ වෙන්න බලපානව.  
              කොරල් පර පළමු කොටස  ඔය ඇති කියල හිතෙනව. කොරල් පර දෙවෙනි කොටසත් ලඟදි දාන්නම්කෝ.  ඒකෙදි කොරල් පර වල වටිනාකම වගේම කොරල් පර සංරක්ෂණය  ගැන කියල දෙන්න බලාපොරොත්තු වෙනව.

No comments:

Post a Comment