Social Icons

Pages

Thursday, April 25, 2013

අපේම බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු

අපේම බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු


අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Google සමාගම විසින් නොමිලේ ලබාදෙන Blogger සේවාව භාවිතා කර බ්ලොග් අඩවියක් නිර්මාණය  කරන්නේ කොහොමද කියල. හැබැයි ඉතින් ඒකට ඔයාලට Gmail ගිණුමක් තියෙන්න ඕන. Gmail ගිණුමක් නැත්නම් ඉක්මනට ගිහින් ගිණුමක් හදාගෙන එන්නකෝ. :D 



1)   ඉස්සෙල්ලම www.google.lk වෙත පැමිණ ඉහළින් ඇති Blogger ලින්කුව Click කර   www.blogger.com  අඩවිය වෙත පිවිසෙන්න.

2)   පසුව ඔබේ Gmail ගිණුමේ User Name හා Password ලබාදි Sign In මත Click කරන්න 



3)   දැන් ඔයාල බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට සූදානම් පහළ ඇති Continue to blogger මත Click කරන්න. 

4)   දැන් New Blog මත Click කරන්න





5)   දැන් ඔය ලැබුන පොරමය පුරවන්නෙ මෙහෙමයි. Tittle මත බ්ලොග් අඩවියේ දර්ශනය විය යුතු නම යොදන්න. Address මත බ්ලොග් අඩවියට අවශ්‍යය ලිපිනය(URL) ලබා දෙන්න. ඇතැම් අවස්ථාවල ඔබ සිතා සිටින ලිපිනයම ඔබට ලබාගත නොහැක. එසේ වන්නේ ඔබ යෙදීමට සිතා සිටින ලිපිනය ඒ වනවිට වෙනත් අයෙකු ලබාගෙන සිටීමයි.එවිට ඔබට එම ලිපිනය හැර වෙනත් ලිපිනයක් යෙදීමට සිදුවේ. 



6)   පසුව පහත ඇති Template වලින් ඔබ කැමති Template එක තෝරා Create blog! යන්න මත Click කරන්න.

7)   දැන් ඔයාලගේ බ්ලොග් එක සාර්ථකව සෑදි අවසන්.ඔයාලට දැන් තියෙන්නෙ තමන්ගේ ලිපි බ්ලොග් එකට එකතු කරන එක.

8)    ඉස්සෙල්ලම New Post මත Click කරල අවශ්‍ය තොරතුරු හා ඡායාරූප ආදිය එකතු කරන්න. දැන් Publish මත click කරන්න. දැන් ඔබේ ලිපිය අන්තර්ජාලයට මුදාහැර අවසන්.


දැන් ඉතින් බ්ලොග් එකත් හදල ඉවරයිනෙ.ඊළඟ ලිපියෙන් බ්ලොග් එකට බ්ලොග්  Gadgets ආදිය එකතුකරන හැටි කියල දෙන්නම්කෝ.

4 comments:

  1. godak watina lipiyak.

    ReplyDelete
  2. blog karanna balaporothuwana semata godak watinawa.

    ReplyDelete
  3. අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්න හැමෝටම වැදගත් ලිපියක්! ජය මලයා!

    ReplyDelete
  4. ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තූති අදහස් ප්‍රකාශ කලාට...

    ReplyDelete